ව්‍යාපෘතියේ උපාංගය 1, තෝරාගත් දිස්ත්‍රික්ක වල නාගරික, ග්‍රාමීය හා වතු ප්‍රදේශයන්හි නළ ජල සේවාව ව්‍යාප්ත කිරීමට උපකාර කරයි.
කුඩා නගර වලට ජලය සැපයීම විකාශනය කිරීම නාගරික ව්‍යාපෘති වල මුලික ඉලක්කය වන අතර නව හා පුනරුත්ථාපනය කිරීමේ සහ පුළුල් කිරීමේ ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම මගින් කොට්ඨාසයේ ප්‍රාදේශීය බලධාරීන් සමග සම්බන්ධීකරණයක් පවත්වාගෙන යනු ලබයි.
වතු ප්‍රදේශයන්හි ඉලක්කය වන්නේ වතු වල හා තදාසන්න ග්‍රාමීය ප්‍රදේශවල නළ ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමයි.
පූතික ප්රතිකාරක යන්ත්රාගාර මගින් (STP’s) දිස්ත්‍රික්ක හතේම සැලසුම් කළ නාගරික සනීපාරක්ෂක අනු උපාංග යටතේ ඉදිකෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ප්‍රජාවට හා පාසල් සිසුන්ට යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා අධ්‍යාපනික හා දැනුම්වත් කිරීමේ ස්වස්ථතා වැඩසටහන් පැවැත්වීමද ව්‍යාපෘතියේ මුලාවයවයක් වේ.