මෙම ව්‍යාපෘතියේ අරමුණු කිහිපයක් ඇත.
- ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ආරක්ෂිත නළ ජලය සැපයීම.
- අර්ධ නාගරික ප්‍රදේශ වලට ආරක්ෂිත නළ ජලය සැපයීම.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රීතව වෙසෙන ජනතාව වෙනුවෙන් ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම
- ආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් සුරක්ෂිත කිරීම.
- ග්‍රාමීය ජනතාවගේ ජල පරිභෝජනය පිළිබඳ කුසලතා වැඩිදියුණු කිරීම.
- හඳුනාගත් ග්‍රාමීය ජල සම්පාදන ක්රමයන් පුනරුත්ථාපනය.
- ව්‍යාපෘති ප්‍රදේශ වල මළාපවහන පවිත්රාගාර ඉදිකිරීම.
මෙම ව්‍යාපෘතිය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තුවන්නේ සනීපාරක්ෂාව ඉහළ නැංවීම,සෞඛ්‍යය ගැටලු අඩු කිරීම, අනාරක්ෂිත පානීය ජලය නිසා වන මුදල් නාස්තිය අඩු කිරීම, පානීය ජලය රැස් කිරීමට ගත වන කාලය අවම කරන අතරතුර පරිසර දූෂණය හා ජල සම්පත් සුරක්ෂිත කිරීම මඟිනි.